හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්
May 15, 2026 06:14 am
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ.
එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස ද දැනුම්දී ඇති බව සඳහන්ය.
එමෙන්ම නුවරඑළිය කලාපයේ පාසල් සඳහාද අවශ්‍යතාවය මත කලාප අධ්‍යපන අධ්‍යක්ශවරුන්ගේ උපදෙස් මත සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබේ.
