දුරදිග ගිය ඉඩම් ආරවුල නිසා පියා විසින් දියණියව ඝාතනය කරලා

දුරදිග ගිය ඉඩම් ආරවුල නිසා පියා විසින් දියණියව ඝාතනය කරලා

May 5, 2026   06:15 am

කළුතර, බෝසිරිපුර ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අදාළ කාන්තාව හා ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පියා විසින් විසින් යකඩ පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. 

ඝාතනය සිදුකළ වයස අවුරුදු 63ක් වන සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් ඇති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.