මිතුරන් සමඟ කටුපිල වැවේ දියනෑමට ගිය සාපෙළ සිසුවා දිය රකුසාට බිලි
May 2, 2026 07:25 am
සෙවනගල පොලිස් වසමේ කටුපිල වැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (01) සවස මෙම අනතුර සිදුවු බවට සෙවනගල පොලීසියට ලද පණිවිඩයක් අනුව විමර්ශනය ආරම්භ කර තිබුණි.
එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 16ක් වූ රත්නපුර ප්රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.
මියගිය සිසුවා තවත් මිතුරන් පිරිසක් සමඟ කටුපිල වැවේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සෙවනගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
