සයුරෙන් එතෙර
දකුණු ඉන්දියාවේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 25ක් මරුට
April 20, 2026 12:43 pm
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 25දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 06දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
පිපිරීම ඇතිවන අවස්ථාවේ අදාළ කර්මාන්ත ශාලාව තුළ පුද්ගලයින් 50දෙනෙකු පමණ සේවයේ නිරතව සිට ඇත.
පිපිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර එරට බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.
