පළාත් පහකට අද මි.මී 75ත් - මි.මී 100ත් අතර තද වැසි

පළාත් පහකට අද මි.මී 75ත් - මි.මී 100ත් අතර තද වැසි

April 20, 2026   10:46 am

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද (20) දිනයේ මි.මී 75ත් - මි.මී 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවය.

මෙම තද වැසි සමඟ කෙටි කාලයක් තුළ තද සුළං සහ ප්‍රබල අකුණු ඇති විය හැකි බැවින් ජනතාව වඩාත් කල්පනාකාරී විය යුතු බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම මේ දිනවල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් පැවතිය හැකි අතර, දැනට දහවල් කාලයේ පවතින උණුසුම් කාලගුණයට එය යම් තාවකාලික අස්වැසිල්ලක් බවද ඒ මහතා සඳහන් කළේය.

මැයි මාසයේ මැද තෙක් මෙම කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවද මෙරිල් මෙන්ඩිස් මහතා තවදුරටත් පැවසීය. 

මේ අතර ඊයේ (19) දිනයේ උපරිම වර්ෂාපතනය වූ මි. මී 75ක් කොළඹ  දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.