විශේෂ මෙහෙයුම් මගින් විවෘත වරෙන්තුකරුවන් 98ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම් මගින් විවෘත වරෙන්තුකරුවන් 98ක් අත්අඩංගුවට

April 20, 2026   10:02 am

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ (19) දින වාර්තාවට අනුව විවෘත වරෙන්තුකරුවන් 98ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

එහිදී ඊයේ දිනට වාර්තාවට අනුව පුද්ගලයින් 26600ක් පරීක්ෂා කර ඇති අතර ඉන් සැකපිට පුද්ගලයින් 608ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 26කි.

එහි සම්පූර්ණ වාර්තාව පහතින්,