ඉන්දීය උප ජනපති නුවරඑළියට

ඉන්දීය උප ජනපති නුවරඑළියට

April 20, 2026   09:40 am

ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පෙරවරුවේ නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිරීක්ෂණ කිරීම සඳහා ඒ මහතා මෙලෙස එක්ව ඇති බව වාර්තා වේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනපති, ඊයේ (19) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියද හමු වී සාකච්ඡා පවත්වා තිබේ.