ඊශ්‍රායලය, අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙක් බව ට්‍රම්ප් කියයි
April 19, 2026 09:44 am
ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින්ය.
ඊශ්‍රායලය ඉතා නිර්භීත, පක්ෂපාතී සහ බුද්ධිමත් රටක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
අතීත යුද්ධයේදී සැබෑ දක්ෂතා පෙන්වු අය මෙන් නොව ඊශ්‍රායලය දැඩි ලෙස සටන් කරන බවත් ඔවුන් ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි දන්නා බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
