මාතර සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට
April 10, 2026 02:15 pm
මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමයේ රුපියල් මිලියන 300ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සීමාසහිත මාතර දිස්ත්‍රික් සමූපාකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති චමින්ද ප්‍රසන්න ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙහි නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
පොලිසිය පැවසුවේ අදාළ සැකකරු සමූපකාර නීතිරීති උල්ලංඝනය කරමින් වෙනත් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවූවා යැයි පවසා එම මුදල් ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදවා ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) උදෑසන ඉදිරිපත් කරනු ලැබීය.
