මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 9ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 9ක් අත්අඩංගුවට

April 3, 2026   08:33 am

මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 31වනදා රාත්‍රියේ දී ගැමුණුපුර ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

ඔවුන් අද (3) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.