ධීවරයින්ගේ ඉන්ධන ගැටලු කියන්න දුරකථන අංකයක්
March 26, 2026 02:02 pm
ධීවර කර්මාන්තයට ඉන්ධන ලබාගැනීමේදී ඇති වන ගැටලු යොමු කිරීමට 011 43 23 389 යන සහය දුරකථන සේවාවක් හඳුන්වාදීමට ධීවර අමාත්‍යංශය කටයුතු කර තිබේ.
එය පැය 24 පුරා ක්‍රියාත්මක වන බව එම අමාත්‍යංශය දැනුම්දෙයි.
ඒ අනුව ධීවර යාත්‍රා සඳහා මෙන්ම මුහුදු ආහාර සැකසීම සහ ජලජීවී වගාව ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇති වන ගැටලු ඉදිරිපත් කළ හැකිය.
