මාරක රිය අනතුරක් - මවට සහ දියණියට දිවි අහිමිවෙයි

මාරක රිය අනතුරක් - මවට සහ දියණියට දිවි අහිමිවෙයි

March 21, 2026   11:14 am

චාවකච්චේරිය - පුත්තූර් මාර්ගයේ  කනකම්පුලියඩි ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (21) උදෑසන 8.30ට පමණ ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ මව සහ දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් කාන්තාවක බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.