හෝමූස් හරහා ගමන්කරන නැව්වලින් ගාස්තු අයකිරීමට ඉරානය සැරසෙයි ?

හෝමූස් හරහා ගමන්කරන නැව්වලින් ගාස්තු අයකිරීමට ඉරානය සැරසෙයි ?

March 19, 2026   05:09 pm

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන්කිරීමේ දී ගාස්තු අය කිරීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් සිටින බව ඉරානයට සම්බන්ධ ISNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

ඒ අනුව අදාළ යෝජනාව සම්මතවීමෙන් අනතුරුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්ගන්නා නෞකා ඒ වෙනුවෙන් ඉරානයට ගාස්තු සහ අදාළ බදු ගෙවිය යුතුය.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහතික කිරීම සහ ඉරානයේ ජාතික ආරක්ෂා උදෙස් මෙම තීරණය ගැනීමට සැරසෙන බව ISNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

අපේ සතුරන් ඔවුන්ට ලබාදී තිබූ වරප්‍රසාද අහිමි කරගෙන ඇති බවත්, ඔවුන්ට දැන් මෙම යථාර්ථය මුහුණදීමට සිදුවන බවත් ඉරාන පාර්ලිමේන්තු නියෝජිත සොමායේ රෆීයි පවසයි.

"දෙවියන් කැමති නම්, මෙම සටන ඉරානයේ තීරණාත්මක හා නිශ්චිත ජයග්‍රහණයකින් අවසන් වනු ඇත. ඉන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අපේ සතුරන්ට දිගින් දිගටම අභියෝග එල්ල කරනවා" ඇය තවදුරටත් පැවසීය.