ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්
March 19, 2026 04:57 pm
තම රටේ බලශක්ති මධ්‍යස්ථානවලට නැවත ප්‍රහාර එල්ල වුවහොත්, අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල ඇති සියලුම තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරන බවට ඉරානය තරයේ ප්‍රකාශ කර තිබේ.
ගෙවුණු පැය කිහිපය තුළ ඉරානයේ ගෑස් නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය දැනටමත් කලාපයේ අනෙකුත් රටවල තෙල් නිධිවලට ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ බලශක්ති පද්ධතියට පහර දීමෙන් සතුරා විශාල වැරැද්දක් කළා" යැයි ඉරාන හමුදා මධ්‍යම විධානයේ ප්‍රකාශකයෙකු පවසා ඇති බව ද සඳහන් වෙයි.
මෙම ප්‍රහාර නැවත සිදු වුවහොත්, සතුරාගේ සහ ඔවුන්ගේ මිත්‍ර රටවල බලශක්ති පද්ධති සහමුලින්ම විනාශ වන තෙක් ඉරාන ප්‍රහාර නතර නොකරන බව ඔහු අවධාරණය කරයි.
ඉදිරියේදී එල්ල කරන ප්‍රහාර මෙතෙක් එල්ල කළ ප්‍රහාරවලට වඩා බෙහෙවින් දරුණු වනු ඇති බවටද ඉරානය අනතුරු අඟවා තිබේ.
