16 හැවිරිදි දරුවෙකු මුහුදේ ගිලී මරුට
March 19, 2026 08:07 am
හබරාදූව, හැඬිවත්ත ප්‍රදේශයේ මුහුදේ දියේ ගිලීමෙන් ළමයෙකු මියගොස් තිබේ.
අදාළ ළමයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදි ප්‍රදේශවාසීන් හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මියගොස් තිබුණි.
මියගොස් ඇත්තේ 16 හැවිරිදි හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.
හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
