කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
March 13, 2026 01:45 pm
බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිවේදනයක් නිකුත් තිබේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල සවස 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ මෙලෙස ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.
අදාළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් වෙන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
