ඉරාන විප්ලවීය හමුදාවෙන් රතු එළියක්

ඉරාන විප්ලවීය හමුදාවෙන් රතු එළියක්

March 10, 2026   01:35 pm

තම රටට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නම් මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට බොරතෙල් අපනයනය කිරීමට අවස්ථාව ලබානොදෙන බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි.

මැදපෙරදිග කලාපය ආශ්‍රිතව පවතින යුද තත්ත්වය අවසන් කළ යුත්තේ, ඉරානය බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය හමුදාව මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව තවදුරටත් තම රටට අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයෙන් බොරතෙල් ලීටරයක් හෝ අපනයනය කිරීමට අවස්ථාව හිමිනොවනු ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.