දුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට මරු කැඳවයි
March 10, 2026 07:49 am
කයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෙර ඇති වූ ආරවුලක් මත තවත් පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන මෙම පුද්ගලයාව ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද සඳහන් වේ.
