ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා අමෙරිකානු දැවැන්ත ගුවන් යානා 2ක් බ්‍රිතාන්‍යයට
March 8, 2026 10:23 pm
ඉරානයට එරෙහි ආරක්ෂක මෙහෙයුම් සඳහා සහභාගී වන අමෙරිකානු ගුවන් හමුදාවට අයත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් ඉරිදා බ්‍රිතාන්‍යයේ ගුවන් කඳවුරක් වෙත ළඟා වී ඇති බව විදෙස් මාධය පවසයි.
අමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C-17A Globemaster සහ Lockheed C-5 Galaxy යන යානා මෙලෙස බ්‍රිතාන්‍යයේ ෆෙයාර්ෆෝර්ඩ් 'RAF Fairford' කඳවුර වෙත පැමිණ ඇත.
මෙම ගුවන් යානා පැමිණීමත් සමඟම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සඳහන් වේ.
බ්‍රිතාන්‍යයට පැමිණි ගුවන් යානා,
Boeing C-17A - හමුදා භටයින්, සන්නද්ධ වාහන සහ අවි ආයුධ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කළ හැකි යානයකි.
Lockheed C-5 Galaxy - ලොව පවතින විශාලතම හමුදා ගුවන් යානා වලින් එකක් වන අතර, මෙයට අතිවිශාල බරක් සහිත හමුදා උපකරණ රැගෙන යා හැක.
