සාම සාකච්ඡා පැවැත්විය යුත්තේ අපි එක්ක නෙවෙයි මේක ඇවිලූ පාර්ශවයන් එක්ක  - ඉරාන ජනපති

සාම සාකච්ඡා පැවැත්විය යුත්තේ අපි එක්ක නෙවෙයි මේක ඇවිලූ පාර්ශවයන් එක්ක - ඉරාන ජනපති

March 6, 2026   05:21 pm

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සාම සාකච්ඡා සහ මැදිහත්වීම් පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ සාම සාකච්ඡා හෝ මැදිහත්වීම් සිදුකළ යුත්තේ ඉරානය සමඟ නොව, මෙම ගැටුම ආරම්භ කළ අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ බව ඉරාන ජනාධිපතිවරයා පවසා ඇත.‍‍

කලාපයේ පවතින සාමය වෙනුවෙන් ඉරානය කැපවී සිටින නමුත්, තම රටේ ගෞරවය සහ ස්වාධීනත්වය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටීමට පසුබට නොවන බව ඔහු අවධාරණය කරයි.

ඉරාන ජනතාවගේ ශක්තිය හෑල්ලුවට ලක් කරමින් මෙම යුද්ධය ඇවිලවූ පාර්ශවයන් වෙත මැදිහත්කරුවන්ගේ අවධානය යොමු විය යුතු බව ඔහු පවසයි.

"අපි සාමයට කැමතියි, හැබැයි අපේ රටට අත තියන්න ආවොත් අපි බලාගෙන ඉන්නේ නැහැ. මේ යුද්ධය පටන් ගත්තේ අමෙරිකාවයි ඊශ්‍රායලයයි. ඒ නිසා සාම සාකච්ඡා කරන්න ඕනෙ අපෙත් එක්ක නෙවෙයි, ඒ රටවල් දෙකත් එක්කයි" යන්න ඉරාන ජනාධිපතිවරයාගේ අදහසයි.