අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ පුද්ගලයින් 787කට දිවි අහිමි වෙයි

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ පුද්ගලයින් 787කට දිවි අහිමි වෙයි

March 3, 2026   03:33 pm


මේ දක්වා අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදුව ඇති බලපෑම ඉරානයේ රතු කුරුස සංගමය විසින් යාවත්කාලීන කර තිබේ.

ප්‍රහාර හමුවේ පුද්ගලයින් 787කට දිවි අහිමි වී ඇති අතර ඉන් 176 දෙනෙකු ළමුන් බවත් එම සංගමය සඳහන් කරයි.

මෑත කාලීන ප්‍රහාරවලින් රට පුරා අවම වශයෙන් නගර 153 ක් පීඩාවට පත්ව ඇත.

මේ වන විට අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් පහර දුන් මුළු ස්ථාන 504 ක් බව සඳහන් වෙයි.

වාර්තාගත ප්‍රහාර සංඛ්‍යාව 1,039 දක්වා ළඟා වී ඇත.

ගලවා ගැනීමේ සේවකයින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුකරන බවත්, සුන්බුන් ඉවත් කිරීම, තුවාල ලැබූවන් මාරු කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.