තරුණයෙකුට දිවි අහිමි කරමින්  කළුතරදී මාරක අනතුරක්

තරුණයෙකුට දිවි අහිමි කරමින් කළුතරදී මාරක අනතුරක්

February 23, 2026   09:15 am

කළුතර උතුර පොලිස් වසමට අයත් කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස්, පසුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු කළුතර උතුර, සමගිපුර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි ජනිත් හර්ෂන නැමැත්තෙකි.

මෙම තරුණයා යතුරුපැදියෙන්, ඔහුගේ මිතුරෙකු සමග පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර නාගස්හන්දිය ප්‍රදේශයේදී දකුණු දෙසට ඇති මාවතට හැරවීමට උත්සාහ කිරීමේදී ඊට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ රියදුරු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.