සංචාරක බසයක් බයිකල් විලෙහි ගිලී 7ක් මරුට
February 22, 2026 01:14 pm
චීන සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් රුසියාවේ සයිබීරියාහිදි අයිස් මිදී ඇති බයිකල් විලෙහි ගිලී යාමෙන් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් එක් අයෙක් දිවි බේරාගෙන තිබේ.
අනතුර සිදුවී ඇති ස්ථානයේ ගැඹුර අඩි 60ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
විලෙහි මතුපිට ඇති ඝන අයිස් තට්ටුව මතින් බස් රථය ධාවනය කරමින් තිබියදී අයිස් තට්ටුව පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
