සනත් බලා සිටියදී නදීම් බිඳ දැමූ සනත්ගේ වාර්තාව
February 12, 2026 07:07 pm
විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම පිතිකරුවාගේ වාර්තාව අලුත් කිරීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් අද (12) සමත් විය.
ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවති තරගයේදී ඔහු මෙම සුවිශේෂී ඉනිම ක්‍රීඩා කළේය.
වයස අවුරුදු 43යි දින 161වූ නදීම් මෙහිදී පන්දු 56කින් ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ඔහු බිඳදමනු ලැබුවේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන සනත් ජයසූරිය, 2009 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව රැස්කළ අර්ධ ශතකයේ වාර්තාවයි.
එම තරගයේ දී ඔහු ලකුණු 81ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 39යි දින 345ක් විය.
