ස්කොට්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්
February 7, 2026 04:41 pm
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ස්කොට්ලන්ත ය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කණ්ඩායමට ලබාදීමටය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 182ක් රැස්කළේය.
එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Shimron Hetmyer ලකුණු 64ක් රැස්කළ අතර Brandon King ලකුණු 35ක් රැස්කළේය.
පන්දු යැවීමේදී Brad Currie කඩුලු 02ක් දවාගත්තේය.
ඒ අනුව මෙම තරගය ජයගැනීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 183ක ඉලක්කයක් හිමිව තිබේ.
