T20 ලෝක කුසලානය පැවැත්වෙන කාලයේ බංග්ලාදේශය කරන්න යන දේ

T20 ලෝක කුසලානය පැවැත්වෙන කාලයේ බංග්ලාදේශය කරන්න යන දේ

February 6, 2026   02:23 pm

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්කළ බංග්ලාදේශය, එම ලෝක කුසලානය පැවැත්වෙන කාලසීමාවේ එරට තුළ විස්සයි20 ලීග් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය 'Odommo Bangladesh T20 Cup' ලෙස නම්කර ඇති අතර, එය කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙවර ලෝක කුසලානය සඳහා බංග්ලාදේශය තෝරාගෙන සිටි සියලුම ක්‍රීඩකයන් ඇතුළුව එරට ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් මෙම කණ්ඩායම්වලට ඇතුළත් කර තිබේ.

Dhumketu XI, Durbar XI හා  Duronto XI ලෙසින් තරගවදින එම කණ්ඩායම්වල නායකයින් ලෙස ලිටන් දාස්, නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ අක්බර් අලි කටයුතු කරනු ලබයි.

මෙහි මූලික වටයේ තරග ඊයේ (5) ආරම්භවූ අතර, අවසන් මහා තරගය පෙබරවාරි 9 වනදා පැවැත්වේ.

සියලුම තරග ඩකා හි ශෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලිය සඳහා ටකා කෝටි 2.5ක (අ.ඩො. 204,504) මුදලක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් වෙන්කර තිබේ.