දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරුවල හිඟයක්

දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරුවල හිඟයක්

February 1, 2026   05:33 pm

දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරු කිලෝවක මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති.

කිලෝවක් රු. 300-500ක් වැනි මිලකට අලෙවි වූ නමුත් මේ වනවිට අමුඉගුරු කිලෝවක් රු.1500ත්-2000ත් අතර අධික මිලකට අලෙවිවන බව එම ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

'දිට්වා' සුළි කුණාටුවෙන් අමුඉඟුරු වගාවන් විනාශ වූ නිසා මේ දිනවල දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරු හිඟයක් පවතින බව එම වෙළෙඳුන් පවසති.