ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්
February 1, 2026 04:50 pm
2026 ජාතික බොක්සිං ශූරතාවලියේ ඉකුත් 29වනදා පැවැති තරගයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වය ගැන ජාතික බොක්සිං සංගමය කරුණු පැහැදිලි කර තිබේ.
ඉහත තරගයේ ප්‍රතිඵලයෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින්, එම ප්‍රතිඵලයට එරෙහිව එදින පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිව තිබුණි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙන් ප්‍රකාශ කර සිටියේ, අදාළ 114වැනි තරගයේ දී විනිසුරුවන් පස් දෙනෙකු කටයුතු කළ බවත්, ඔවුන්ගේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත අදාළ තරගයෙන් ලකුණු 4-1ක බෙදුණු තීරණයක් ලබාදුන් බවත්ය.
එම තීරණය ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩාවේ නීත්‍යානුකූල සහ සම්මත ක්‍රමවේද මත, විවිධ වූ තාක්ෂණික ඇගයීම් පදනම් කරගනිමින් ලබාදුන් තීරණයක් බව අදාළ නිවේදනයේ දැක්වේ.
ජාතික ශූරතාවලියේදී තරග 150කට අධික සංඛ්‍යාවක් පැවැත්වූ බවත්, ඉන් පැමිණිල්ලක් යොමුවූයේ මෙම 114වන තරගයට බවද මෙහි සඳහන්.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා බොක්සිං සංගමය විසින් ආර්.සී. ඉන්ද්‍රසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ස්වාධීන විමර්ශන මණ්ඩලයක් කර ඇත.
එහි සෙසු සාමාජිකයන් ලෙස ඩබ්. එම්. ආර්. වෑකඩපොල (ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරී), ටී.එස්. වීරසේන ( තරු 3 තරග තීරක සහ විනිසුරු) යන අය කටයුතු කරයි.
ඒ අනුව ජාත්‍යන්තර බොක්සිං තාක්ෂණික සහ තරග නීති මත පදනම්ව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ නිලධාරීන්ට අවසර ලබාදී තිබේ.
ඔවුන් විසින් ලබාදෙන අවසාන විමර්ශන වාර්තාව සහ නිර්දේශ එළැඹෙන 4 වනදා හෝ ඊට බොක්සිං සංගමයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතය.
බොක්සිං සංගමය විසින් නිකුත්කළ නිවේදනය
Bout No. 114 - Controversial Allegations Regarding by poornima
