2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීමට මැතිවරණ කොමිසම සැරසෙයි
January 29, 2026 01:56 pm
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබේ.
ඒ අනුව එම අයදුම්පත් ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා යොමු කළ හැකිය.
ඉල්ලුම් පත්‍රය අංක 2472/21 හා 2026.01.21 දිනැති ගැසට් පත්‍රයේ සඳහා නිර්ණායක අනුව නියමිතව සකස් කරන ලද ලේඛන ද සමඟ පක්ෂයේ ලේකම්වරයාගේ අත්සන සමඟින් ඉදිරිපත් කළ යුතුවේ.
අයදුම්පත්‍රය, මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩියෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් හා මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් ලබාගත බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
පක්ෂය පිළිගනු ලැබුවහොත් අංක 2471/24 හා 2026.01.13 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අනුමත කරන ලද (ආ) උප ලේඛනයේ සඳහන් පක්ෂ ලකුණු අතුරින් එම පක්ෂය සඳහා වෙන් කරගැනීමට අපේක්ෂිත කරනු ලබන ලකුණ නිශ්චිතව සඳහන් කළ යුතු වේ.
ඊට අමතරව පක්ෂයේ ව්‍යවස්ථාව, නිලධාරී මණ්ඩලයේ ලැයිස්තුව, පසුගිය වසර හතරක කාන්තා නිලධාරීන්ගේ නම්, අයදුම්පත ඉදිරිපත් කරන පූර්ව වසර හතරක කාලයක් පක්ෂයේ විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශ, පක්ෂයේ තත්කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ දේශපාලන පක්ෂයක් වශයෙන් ආසන්නතම වූ වසර හතරකවත් කාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි සියලු ලිපි ලේඛන වෙන වෙනම ගොනු වශයෙන් ඉදිරිපත් කළ යුතුය.
නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍ර පෙබරවාරි මස 28 වැනිදා පස්වරු 03.00 දක්වා භාරගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒවා මැතිවරණ කොමිෂන් සභාව වෙත අදාළ පක්ෂයේ ලේකම්වරයා විසින් පදිංචි තැපෑලෙන් යොමු කිරීමට හෝ පැමිණ භාරදීම සිදු කළ හැකිය.
එම අයදුම්පත් යොමු කිරීමේදී ලිපිකවරයේ ඉහළ වම්පස 'දේශපාලන පක්ෂ පිළිගැනීම වෙනුවෙන් අයදුම් පත්‍රය - 2026' යනුවෙන් සඳහන් කළ යුතු බව එම සභාව දැනුම්දෙයි.
ඒවා සභාපති, මැතිවරණ කොමිෂන් සභාව, සරණ මාවත රාජගිරිය යන ලිපිනයට යොමු කළ යුතු බවත් එසේ නොමැති බව කාර්යාලය වෙත පැමිණ භාරදිය හැකි බවත් ඔවුන් නිවේදනය කරයි.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනයෙහි නියමිත වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා නොකරනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
