2026 ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සාර්ථකව අවසන්

2026 ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සාර්ථකව අවසන්

January 27, 2026   03:20 pm

බැඩ්මින්ටන් ක්‍රීඩාව වඩාත් ප්‍රචිලිත කිරීම හා එහි ජීව ගුණය ඔසවා තැබීම අරමුණු කරගනිමින් පැවැත්වූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” කොළඹ රාජකීය විද්‍යලයීය බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්විණි.

ඒ දිවයින පුරා සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ හිටපු ජාතික ශූරයන්ගේද සහභාගීත්වයෙනි.

18 වතාවක් ජාතික ශූරයා වූ නිලුක කරුණාරත්න මෙන්ම ජාතික ශූරයන් වූ නිරෝෂන් විජේකෝන්, කුසාලි දිසානායක, දුමින්ද ජයකොඩි ද මෙම ශූරතා තරගාවලිය සඳහා සහභාගී වී ඇත.

වයස් මත පදනම් වූ ද්විත්ව (35ට වැඩි, 40ට වැඩි, 45ට වැඩි, 50ට වැඩි, 55ට වැඩි), කොම්බයින් (90+,100+), සහ මිශ්‍ර ද්විත්ව ඇතුළු බහුවිධ කාණ්ඩ හරහා මෙහිදී තරඟ පැවැත්විණි.

35ට වැඩි කාණ්ඩයේ නිලුක කරුණාරත්න සහ චරිත් විජේනායක යුගලය ශූරතාවය දිනාගත් අතර ඉරේෂ් ද සිල්වා සහ ඉමන්ධ නිමල්චන්ද්‍ර යුගලය අනුශූරතාවය ලබා ගත්තේය. 

40ට වැඩි කාණ්ඩයේ ශූරතාවය නිලුක කරුණාරත්න සහ රන්දික පීරිස් යුගලය දිනා ගත් අතර, තනුජ ලියනගේ සහ සුසිල් කරුණාරත්න යුගලය දෙවන ස්ථානයට පත්විය.

55ට වැඩි කාණ්ඩයේ ශූරතාවය ක්ලැරන්ස් හෝම්ස් සහ දුමින්ද සෝමනායක යුගලය දිනා ගත් අතර, කොම්බයින් 100+ ශූරතාවය රොෂාන් පද්මකුමාර සහ රොහාන් ප්‍රනාන්දු යුගලය විසින් දිනා ගනු ලැබීය.

එමෙන්ම මිශ්‍ර ද්විත්ව ශූරතාව දුමින්ද ජයකෝඩි සහ ප්‍රියංකා අබේරත්න යුගලය විසින් දිනා ගැනීමට සමත් විය.