ශ්රී දළදා මාළිගාවට බෝම්බ ප්රහාරය එල්ල වී අදට වසර 28ක්
January 25, 2026 11:34 am
ඓතිහාසික මහනුවර ශ්රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ ත්රස්තවාදින් විසින් බෝම්බ ප්රහාරයක් එල්ල කර අදට (25) වසර 28ක් ගතව තිබේ.
1998 වසරේ ජනවාරි මස 25දා එනම් අද වැනි දවසක උදෑසන 6.05ට පමණ මෙම ම්ලේච්ඡ ත්රස්තවාදී ප්රහාරය එල්ල විය.
මහනුවර නාථ දේවාලය දෙසින් පැමිණි බෝම්බ පටවාගත් ලොරියක් පුපුරුවා හැර එල්.ටී.ටී.ඊ සංවිධානය එකී විනාශය සිදුකර තිබුණි.
එසේම බෝම්බ ප්රහාරයෙන් බැතිමතුන් 16දෙනෙකු මියගිය අතර ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදී සැකකරුවන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කෙරුණි.
බෝම්බ ප්ර්රහාරයෙන් විනාශ වූ දළදා මාළිගාවේ ස්ථාන රැසක් රුපියල් මිලියන 150ක පමණ වියදමින් එවකට ප්රතිසංස්කරණය කරන ලදී.
කෙසේ වෙතත් ප්රහාරයෙන් දළදා වහන්සේ වැඩසිටි දළදා මැඳුරට කිසිදු විනාශයක් සිදුනොවීය.
එම කනගාටුදායක දිනය සිහිපත් කරමින් සංවිධාන කිහිපයක් විසින් වැල් බෝධිය අසල බෝධි පුජාමය පින්කමක් පවත්වා මියගිය පිරිසට පිං අනුමෝදනා කර තිබේ.
