විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 524ක් අත්අඩංගුවට
January 24, 2026 12:15 pm
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (23) සැකකරුවන් 524ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 30,236ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් ප්‍රමාණය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 17ක් හඳුනාගත් බවත් විවෘත වරෙන්තුකරුවන් 200ක්ද අත්අඩංගුවට ගත් බවය.
එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 429ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 53ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,706කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
