ගිනිකන්ද ආසන්නයේ දී අතුරුදන් වූ හෙළිකොප්ටරය
සයුරෙන් එතෙර

ගිනිකන්ද ආසන්නයේ දී අතුරුදන් වූ හෙළිකොප්ටරය

January 21, 2026   01:18 pm

ජපානයේ මවුන්ට් අසෝ ගිනිකන්ද අසල පුද්ගලයින් තිදෙනෙකු රැගත් නැරඹුම් හෙලිකොප්ටර යානයක් ​​අතුරුදහන් වී තිබේ.

ගුවන්යානය ඊයේ (20) අසෝ නගරයේ සත්වෝද්‍යානයකින් විනාඩි 10ක සංචාරයක් සඳහා ගුවන් ගතකර තිබේ.

64 හැවිරිදි ගුවන්යානයේ ගුවන් නියමුවා වසර 40ක පළපුරුද්දක් ඇති ප්‍රවීණයෙකු බව එරට මාධ්‍ය වාර්තා කරයි.