කාන්තාවක් බිය ගන්වා මුදල් කොල්ලකෑ පුද්ගලයෙකුට වැඩවරදී

කාන්තාවක් බිය ගන්වා මුදල් කොල්ලකෑ පුද්ගලයෙකුට වැඩවරදී

January 21, 2026   11:56 am

කාන්තාවක් බිය ගන්වා රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම මස 15 වන දින මිල්ලණිය පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් වාර්තා වී ඇති අතර, අපරාධය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. 

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20) කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වාද්දුව පොලිස් වසමේදී අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු, යතුරුපැදියක් හා කොල්ලකන ලද මුදලින් රුපියල් හාරලක්ෂ අනූ දහසක 490,000/= මුදලක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවරුදු 44ක් වන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.‍

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.