සයුරෙන් එතෙර
ඇෆ්ගනිස්තානයේ චීන අවන්හලකට එල්ලවූ ප්‍රහාරය ගැන තවත් තොරතුරු
January 21, 2026 08:33 am
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි චීන අවන්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ Shahr-e-Naw ප්‍රදේශයේ ප්‍රසිද්ධ වීදියක පිහිටි අවන්හලක එම පිපිරීම සිදුවී ඇති බවය.
කාබුල් පොලිස් ප්‍රකාශකවරයා පවසා ඇත්තේ අවන්හලේ මුළුතැන්ගෙය අසල පිපිරීම සිදුව ඇති බවය.
මේ අතර ඉස්ලාමීය රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ මෙය චීන ජාතිකයන් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවය.
