හොලිවුඩයේ වාර්තා අතරට එක්වූ Zootopia 2
January 20, 2026 11:39 am
හොලිවුඩයේ මෙතෙක් බිහි වූ විශාලතම සජීවිකරණ චිත්‍රපටය Zootopia 2 හෙවත් (Zootropolis 2) පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Zootropolis 2 හොලිවුඩයේ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව ඇති අතර, එය ගෝලීය වශයෙන් Box Officeහි ඩොලර් බිලියන 1.7ක් උපයා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Zootropolis 2 ගෝලීය Box Office ඉතිහාසයේ නවවන වඩාත්ම සාර්ථක චිත්‍රපටය බවද සඳහන් වෙයි.
Zootropolis 2 හොලිවුඩ් වාර්තා බිඳ දැමූ චිත්‍රපටය වුවද, සමස්තයක් වශයෙන් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය වන්නේ පසුගිය වසරේ ඩොලර් බිලියන 2.2 උපයාගත් චීනයේ Ne Zha 2 චිත්‍රපටයයි.
