කේරල ගංජා ජාවාරමක  තොරතුරු හෙළිවෙයි

කේරල ගංජා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

January 20, 2026   11:25 am

කැලණිය, අංගොඩ පාර ප්‍රදේශයේදී පොහොර බෑග් තුනක දමා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 32ක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සියභාරයට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ගංජා තොගය සොයා ගෙන තිබුණේ, සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී, එහි සිටි සැකකරුවන් අදාළ ගංජා තොගය බිම දමා පලා යෑමේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති එස්. රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ.