සයුරෙන් එතෙර
ජපානය සහ පිලිපීනය අතර නව ආරක්ෂක ගිවිසුමක්
January 16, 2026 02:48 pm
ජපානය සහ පිලිපීනය අතර ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එමගින් ඔවුන්ගේ හමුදා ඒකාබද්ධ පුහුණුවක් පවත්වන අවස්ථාවකදී අවශ්‍ය කරන සැපයුම් බදු රහිතව සැපයීමට ඉඩ සැලසෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
කලාපයේ වර්ධනය වන ආක්රමණවලට එරෙහිව බලපෑම් වැළැක්වීම සහ ස්වාභාවික විපත් සඳහා ඔවුන්ගේ සූදානම ශක්තිමත් කිරීම එහි තවත් අරමුණක් බව පැවසෙයි.
ජපානය සහ චීනය අතර දේශපාලන, වෙළඳ සහ ආරක්ෂක ආතතීන් වැඩිවෙමින් පවතින අතර, තායිවානයට එරෙහිව චීන ක්‍රියාමාර්ග ගැනීම ජපන් මැදිහත්වීමකට තුඩු දිය හැකි බවට අගමැති සනායි ටකයිචි කළ ප්‍රකාශයෙන් දෙරට අතර ආතතීන් තවත් උත්සන්න වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර චීන මුහුදේ සහ දකුණු චීන මුහුදේ චීනය සමග ජපානය සහ පිලිපීනය ගැටුම් ඇති කරගෙන තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපාන විදේශ ඇමති මැනිලා හිදී පිලිපීන විදේශ ලේකම් සමග මෙම උපායමාර්ගික වශයෙන් වැදගත් ගිවිසුමට අත්සන් තබා ඇත.
ඒකාබද්ධ සටන් අභ්‍යාස සඳහා පහසුකම් සැලසීමට අමතරව, ජපානය සහ පිලිපීනය ස්වභාවික විපත්වලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වලට සහභාගී වීමට ද උපකාරී වනු ඇති බවද දෙපාර්ශ්වය නිවේදනය කර තිබේ.
