තීරණාත්මක කාරක සභාවක බලය විපක්ෂයට හිමිවීමෙන් කොළඹ නගර සභාව අර්බුදයකට පත්වෙයිද?

තීරණාත්මක කාරක සභාවක බලය විපක්ෂයට හිමිවීමෙන් කොළඹ නගර සභාව අර්බුදයකට පත්වෙයිද?

January 16, 2026   12:19 pm

කොළඹ මහ නගර සභාවේ මුදල්  කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට හිමිවීමෙන් මේ වන විට ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධානතම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය දිනා ගැනීමට පසුගිය 14 වැනිදා සමත් විය.

ඒ එම නගර සභාවේ රැස්වීම් ශාලාවේ පැවැති මාසික සභා රැස්වීමේදීය.

කොළඹ මහ නගර සභා ආඥා පනතට අනුව මහ නගර සභාවේ සියලුම මුදල් ගණුදෙනු මුදල් කාරක සභාවේ අනුමත කර මහ නගර සභාවට ඉදිරිපත් කළ යුතු අතර ඒ අනුව නගර සභාවේ මුදල් පිළිබඳ කාරක සභාවේ බහුතර බලය ඒකාබද්ධ විපක්ෂයට හිමිවීම මෙම ගැටලුවට හේතුව වී තිබේ.

කාරක සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කටයුතු කරන අතර  ඉතිරි සාමාජිකයින් 6 දෙනාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබයි.  

පසුගියදා පැවැත්වූ මාසික සභා රැස්වීමේදී පැවැති මෙම ඡන්ද විමසීමේදී මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් 6 දෙනාගෙන් පස් දෙනෙකුම විපක්ෂයේ මන්ත්‍රීවරු වූ අතර පැවැති රහස් ඡන්දයේදී ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් පස් දෙනා ඡන්ද 60ක් හිමිකරගනු ලැබීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සමගි ජනබලවේගයේ රොයි බෝගහවත්ත, තරංග ශානක අතුරලිය සහ අනුර සුජීව වීරවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දයාකාන්ත පෙරේරා, සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අර්ෂාඩ් නිශාම්ඩීන් යන මහත්වරු මෙලෙස මුදල් කාරක සභාවට තේරී පත්විය.

එම කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට හිමිවීමෙන් කොළඹ නගර සභාවේ සභාපතිනියන වන ව්‍රායි කැලි බල්තසාර් මහත්මියට එම කාරක සභාවේ සාමාජිකයින් වන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සම්බන්ධ වී ඉදිරි මුදල් පිලිබඳ තීරණ ගැනීමට හේතුවන බැවින් මෙම ගැටලුව මතුව ඇති බවත් සඳහන් වේ.

පවතින තතත්වය හමුවේ මුදල් අනුමත කර ගැනීමේ දී ඊට බාධා කිරීමේ හැකියාව ඒකාබද්ධ විපක්ෂයට පවතී.

එය නගර සභාවේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යෑමට විශාල අභියෝගයක් ද වේ.