පොලිස් ටෝච් එකට බයවී අධික වේගයෙන් ගිය යතුරුපැදිය අතරමගදී පෙරළෙයි

පොලිස් ටෝච් එකට බයවී අධික වේගයෙන් ගිය යතුරුපැදිය අතරමගදී පෙරළෙයි

January 15, 2026   10:29 am

මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් නිරීක්ෂණය කර එය නතර කිරීමට විදුලි පන්දම් එළිය දැල්වීමේදී යතුරුපැදියේ පැමිණි තරුණයින් දෙදෙනා අසල තිබූ අතුරු මාර්ගයකට යතුරුපැදිය හරවා වේගයෙන් ධාවනය කිරීමට කටයුතු කර තිබේ.

කලවංචිකුඩි පොලීසියේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, එහිදී යතුරුපැදිය මාර්ගයේ යම් දුරක් ධාවනයවීමේදී ලිස්සා වැටී ඇති බවය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් වසමට අයත් කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ. 

පසුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ තරුණයින් දෙදෙනා රෝහල්ගත කර යතුරුපැදිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබේ.

කිසිඳු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවද පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ තරුණයින් චෝදනා කරන්නේ පොලිසිය පහරදීම හේතුවෙන් යතුරුපැදිය ලිස්සා වැටුණු බවටය.