ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මරුට

January 6, 2026   05:15 pm

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බ‍ව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සදහන් වෙයි.

 ආපදාවට පත්වුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා ගලවා ගැනීමේ භටයින් 16 දෙනෙකු යොදවා ඇති බව එරට බලධාරීන් මාධ්‍ය වෙත සදහන් කර ඇත.