ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණයට නව පනත් කෙටුම්පතක්
January 6, 2026 08:47 am
ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් 200 දෙනෙකු පමණ මේ වන විට සිය දිවි නසාගැනීමට පෙළඹී ඇති බවය.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ලක්ෂ්මන් නිපුනාරච්චි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළාය.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් රුපියල් මිලියන ගනණක මුදලක් තැන්පත්කරුවන්ට වංචා කර ඇති බව වාර්තා වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා සඳහන් කළේ ව්‍යාජ ජංගම යෙදුමක් හරහා මෙම වංචාව සිදුකර ඇති බවය.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම වංචාව සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී මේ පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන ලෙස තැන්පත්කරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව නිරෝෂන් විජේසුන්දර මහතා සඳහන් කළේය.
