සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් පොරොන්දු කඩකළ බවට චෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් පොරොන්දු කඩකළ බවට චෝදනා

January 6, 2026   07:39 am

සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අදාළ ගැටලු විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් පොරොන්දු කඩ කරමින් සිටින බවය. 

ඒ අනුව ඉදිරියේදී වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට දිනයේදී රැස්වන විශේෂ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.