ආපදාවෙන් හානි වූ ගංගා ද්‍රෝණි සහ වැව්අමුණු හානියට තක්සේරු පරීක්ෂාවක්
December 30, 2025 11:29 am
පසුගියදා ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ ගංවතුරු තත්ත්වය හේතුවෙන් ගංගා ද්‍රෝණියට සහ වැව්අමුණුවලට සිදුව ඇති හානිය පිළිබඳව තක්සේරු පරීක්ෂාවක් සිදුකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.
ඒ අනුව මෙම තක්සේරු පරීක්ෂාව ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ගංගා ද්‍රෝණි, මධ්‍යම පරිමාණ ගංඟා මෙන්ම ගබඩා වැව්වල අභ්‍යන්තරය පරීක්ෂාවට ලක් කෙරුණු ඇත.
මෙම තක්සේරු පරීක්ෂාව සඳහා ඇතැම් අවස්ථාවලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
මේ වන විට කුඩා ජලාශයන්වල ගංවතුර හේතුවෙන් වැලි පිරී ඇති බැවින් ඒවා ඉවත් කිරීම තත්ව පරීක්ෂාවෙන් අනතුරුව සිදු කෙරෙන බවත් ප්‍රධාන ජලාශයන්හි එවැනි තත්ත්වයක් පැන නොනගින බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙහිදී නාය යෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් ගංගා ජලාශ සහ වැව් අමුණු 218ක් හඳුනාගෙන ඇති අතර ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
මෙලෙස හානියට පත් ප්‍රධාන ගංගා සහ වැව්අමුණු අලුත්වැඩියා කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 23ක් කට අධික මුදලක් දැනටමත් වෙන්කර ඇත.
ඒ අනුව ඉදිරි මහ කන්නය සඳහා ජලය මුදා හැරීම කඩිනමින් සිදු කිරීමට පියවර ගනිමින් සිටින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය.
