මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

December 26, 2025   10:37 am

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගම වලාන ප්‍රදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව සඳහන්.

ඔහු දියේ ගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මරණයට පත්ව තිබේ.

49 හැවිරියේ වියේ පසුවූ අදාළ වෛද්‍යවරයා මෙම රෝහලේ රාජකාරී ආරම්භකර ඇත්තේ මීට මසකට පමණ ඉහතදී බව වාර්තා වේ.