යළි ඇරඹුණු ගමන...
December 20, 2025 03:49 pm
'දිට්වා' ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය.
ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය.
මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවන වූයේ 'දිට්වා' ආපදාවෙන් දින 23කට පසුවය.
