කොටහේනේ පිහි ඇනුමක් - අයෙක් මරුට

කොටහේනේ පිහි ඇනුමක් - අයෙක් මරුට

December 18, 2025   09:30 pm

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ අද (18) පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි අයෙක් ඉලක්ක කර මෙම පිහි ඇනුම සිදුව ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව කොටහේන පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.