ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

December 15, 2025   03:08 pm

ටී56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත ලැබුණ තොරතුරක් මත ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි ඔහු සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 02ක් සහ පතරොම් 45ක් සොයාගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකකරු 64 හැවිරිදි සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවය.

අදාළ ගිනිඅවි උපයෝගි කර ගෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීමට ද සැකකරු විසින් සූදානමින් සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බටපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.