සයුරෙන් එතෙර
ඉන්දු - චීන සබඳතා වෙනුවෙන් තවත් සාකච්ඡා වටයක්
December 13, 2025 11:02 am
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඉකුත් අගෝස්තු මාසයේදී පැවති හමුවෙන් පසු ද්විපාර්ශ්වික සබඳතාවල ධනාත්මක ප්‍රගතිය තහවුරු කරමින්, ඉන්දියාවේ සහ චීනයේ විදේශ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බීජිං හිදී නව උපදේශන වටයක් පවත්වා තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ ඒකාබද්ධ ලේකම් සහ චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම උපදේශන සාකච්ඡා වටය සඳහා සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන-ඉන්දියානු සබඳතාවල මෑත කාලීන ධනාත්මක ප්‍රගතිය දෙපාර්ශ්වයම තහවුරු කළ අතර අගෝස්තු මාසයේදී ටියැන්ජින් හි පැවති ඔවුන්ගේ හමුවේදී මෝදි සහ ෂී අතර ඇති කරගත් වැදගත් පොදු අවබෝධතා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කළ බව එහි සඳහන් ය.
