ADB ඩොලර් මිලියන 200ක් අනුමත කරයි

ADB ඩොලර් මිලියන 200ක් අනුමත කරයි

December 12, 2025   01:05 pm

ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ජල සම්පත් සංවර්ධන වැඩසටහන වන මහවැලි සංවර්ධන වැඩසටහනට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් අනුමත කර ඇත.

මෙම සංවර්ධන වැඩසටහන හරහා මහවැලි ගඟේ අතිරික්ත ජලය ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ පළාත්වල, වියළි ප්‍රදේශවලට හැරවීම මූලිකව අරමුණු කර ඇත. මෙම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර ව්‍යාපෘතිය මඟින් කෘෂිකාර්මික අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම මගින් උතුරු මැද පළාතේ ගොවි පවුල් 35,600 කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ ලැබෙනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඒකාබද්ධ සම-මූල්‍යකරණ ප්‍රයත්නයට ආසියානු සංවර්ධන බැංකුව නායකත්වය දෙන අතර, එමඟින් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යකරණයට අමතරව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 60 ක් සහ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙන් ඩොලර් මිලියන 42 ක් රැස් කිරීමට අපේක්ෂා කෙරේ.